Login
Forgot your password?
POST NEW AD

NEWS & EVENTS

Exclusive -වාහන මිල අඩුකරන හැටි වාහන ආනයනකරුවන්ගේ සභාපති පහදයි

2015 අයවැය මගින් මෝටර් රථ සඳහා හඳුන්වා දුන් නව සරල බද්ද හේතුවෙන් එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ සහ වෑන් රථවල මිල ගණන්වල කැපී පෙනෙන අඩුවීමක් සිදුවනු ඇතැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග සඳහන් කළේය. ඔහු පැවසුවේ හයිබ්‍රීඩ් මෝටර් රථ හා ජපන් මෝටර් රථවල මිල ගණන්ද සුළු වශයෙන් අඩුවිය හැකි නමුත් එය කැපී පෙනෙන අඩුවීමක් නොවනු ඇති බවයි. 2015 අයවැය මගින් මෝටර් රථ හා වෑන් ආනයනය වෙනුවෙන් පැනවූ නව බදු සංශෝධන හේතුවෙන් මෝටර් රථවල රේගු බදු සියයට 20-25 අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25-65 අතර ප්‍රමාණයකින් අඩුවන බව මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම්වරයා අප සමග ඊයේ කීය.
මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසුවේ මෙම අයවැය යෝජනාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවත් මේ නිසා අනිවාර්යෙන්ම මෝටර් රථවල හා වෑන් රථවල මිල අඩුවන බවයි.
“මෝටර් රථ හා වෑන් රථ ආනයනයේදී තිබූ බදු සියල්ල එකතු කර විශේෂ බද්දක් මෙවර අයවැය මගින් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා, මෙම වාහනවල මිල අනිවාර්යෙන්ම අඩුවෙනවා.“ යනුවෙන් ආටිගල මහතා කීය.
මෙම නව බදු සංශෝධනයට අනුව එන්ජින් ධාරිතාවය 1000 ට අඩු මෝටර් රථ ආනයනයේදී තිබූ සියයට 202 ක් වන බදු සියයට 173 දක්වා අඩුකර තිබේ. මේ අනුව, කුඩා මෝටර් රථවල ආනයන බදු සියයට 29 කින් පමණ පහළ යනු ඇත. වෑන් රථ ගත්විට භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල සියයට 175 කට තිබූ බද්ද සියයට 100 ක් දක්වාත් ආසන 13-20 ත් අතර තිබෙන වෑන් රථවල ආනයන බදු සියයට 126 ක සිට සියයට 100 ක් දක්වාත් අඩුකර ඇත.

OUR SERVICES

  • Vehicle advertising
  • Japanese auction service
  • Vehicle customs clearing
  • Consultation
  • Import taxes
  • Gift permit guide

VEHICLES

  • Buy from Sri Lanka
  • Import from Japan
  • Government permit vehicles
  • Gift permit vehicles

BUY

  • Car
  • Van
  • Bike
  • JEEP/CAB/4WD
  • Truck
  • Bus
  • Other

FAQ

  • Vehicle buying
  • Vehicle Imports
  • Vehicle selling
  • Engine troubles
  • Electronic problems

CONTACT

  • Tel : +94 773 146 407
  • Viber : 773 146 407
  • Skype : carkade-help
  • email : info@carkade.com
BottomRegion