Login
Forgot your password?
POST NEW AD

NEWS & EVENTS

ලොව වේගවත්ම සුපිරි කාරය එළිදකී

සුපිරි මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගමක් වන බුගාටි, සිය නිෂ්පාදන පෙළේ නවතම හා වේගවත්ම සුපිරි කාරය ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වා ඇත. 2005 වසරේදී මුලින්ම හඳුන්වාදුන් බුගාටි වෙයිරොන් මෝටර් රථ මාදිලි පෙළට අයත් Veyron 16.4 Super Sport මෝටර් රථය 2013 වසරේදී ගිනස් ලෝක වාර්තා පොතට අනුව ලොව සාමාන්‍ය භාවිතයේ යොදා ගන්නා වේගවත්ම මෝටර් රථය ලෙස පිළිගැනුණි. කෙසේ වෙතත්, මෙම වෙයිරොන් මෝටර් රථ මාදිලි පෙළෙහි නිමාව සනිටුහන් කරමින්, හඳුන්වාදී ඇති නවතම සුපිරි කාරය නම්කර ඇත්තේ බුගාටි චයිරන් යන නමිනි. බුගාටි සුපිරි මෝටර් රථ ගැන කතා කිරීමේදී සම්පූර්ණයෙන්ම සංවර්ධිත මෝටර් රථයක් ලෙස කලඑළි බසින, චයිරන් සුපිරි කාරය පෙර පැවති වෙයිරොන් මාදිලියට වඩා වේගයෙන් මෙන්ම මිලෙන්ද අධිකය. එහි මිල දක්වා ඇත්තේ ඇ.ඩො.මිලියන 2.6ක් හෙවත් ආසන්න වශයෙන් රු.කෝටි 38ක් ලෙසිනි. අශ්වබල 1,500ක බලයකින් යුතු එන්ජිමකින් ජවය ලැබූ බුගාටි චයිරන් සුපිරි කාරය පැයට කිලෝමීටර් 420ක උපරිම වේගයක් ළඟාකර ගත හැකි සැබෑම සුපිරි කාරයක් බව පැවසේ. - See more at: http://www.ada.lk/article/145476/%E0%B6%BD%E0%B7%9C%E0%B7%80-%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8-%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA-%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%9A%E0%B7%93#sthash.cQBulX6A.dpuf

OUR SERVICES

  • Vehicle advertising
  • Japanese auction service
  • Vehicle customs clearing
  • Consultation
  • Import taxes
  • Gift permit guide

VEHICLES

  • Buy from Sri Lanka
  • Import from Japan
  • Government permit vehicles
  • Gift permit vehicles

BUY

  • Car
  • Van
  • Bike
  • JEEP/CAB/4WD
  • Truck
  • Bus
  • Other

FAQ

  • Vehicle buying
  • Vehicle Imports
  • Vehicle selling
  • Engine troubles
  • Electronic problems

CONTACT

  • Tel : +94 773 146 407
  • Viber : 773 146 407
  • Skype : carkade-help
  • email : info@carkade.com
BottomRegion