Login
Forgot your password?
POST NEW AD

NEWS & EVENTS

රාජ්‍ය නිලධාරීන්ගේ වාහන ආනයන බලපත්‍ර සඳහා තීරුබදු සහන ඉහළට

රාජ්ය නිලධාරීන්, පළාත් රාජ්ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා වූ වාහන ආනයන බලපත්ර සඳහා ලබාදෙන තීරුබදු සහන ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව, රාජ්ය අංශයේ සේවා නියුක්තිකයන් සඳහා වන වාහන බලපත්රවල රු.මිලියන 3ක උපරිමයකට යටත්ව ලබාදුන් තීරුබදු සහනය රු.මිලියන 5ක උපරිමයක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. එමෙන්ම, රාජ්ය පරිපාලන හා කළමනාකරණ අමාත්යාංශය විසින් නිකුත් කරනලද රාජ්ය පරිපාලන චක්රලේඛ 22/99 (XXXV) යටතේ විශ්රාම ලබන නිලධාරීන්ට ලබාගත හැකි වාහන බලපත්ර තීරුබදු සහනයද සංශෝධනය කර ඇත. ඒ යටතේ මීට පෙර රාජ්ය නිලධාරීන් වාහනයක් ආනයනය කිරීමේදී CIF අගය නිලධරයන් දරන තනතුර අනුව සිලින්ඩර ධාරිතාව පිළිබඳ උපරිම සීමාවකින් තොරව කාණ්ඩ 03ක් යටතේ වර්ග කරනු ලැබීය. එහි පළමු වැනි කාණ්ඩය යටතේ ඇ.ඩො. 45,000ක උපරිමයකටත්, දෙවැනි හා තෙවැනි කාණ්ඩ යටතේ ඇ.ඩො. 40,000ක සහ 35,000ක යන උපරිමයන්ටත් යටත්ව පෙට්රල් හෝ ඩීසල් මෝටර් රථයක්/කැබ් රථයක් ආනයනයට අවස්ථාව සැලසුණි. මහා භාණ්ඩාගාරයේද එකඟතාව ඇතිව රාජ්ය පරිපාලන හා කළමනාකරණ අමාත්යාංශය විසින් නිකුත් කර ඇති මෙම නව චක්රලේඛය යටතේ වාහනයක් ආනයනය කිරීමේදී නිලධරයන්ගේ තනතුර අනුව වෙන්කර ඇති කාණ්ඩ සඳහා වාහනයේ CIF අගයේ උපරිම සීමාවක් නොමැත. එහිදී, නව තීරුබදු සහනය එකී කාණ්ඩ තුන සඳහා රු.මිලියන 22ක්, රු.මිලියන 16ක් සහ රු.මිලියන 12ක් වශයෙන් ඉහළ නංවා තිබේ. ඒ අනුව, නිලධරයාගේ තනතුර මත වෙන්කර ඇති කාණ්ඩ අනුව නිකුත් කරන බලපත්රය මගින් ආනයනය කරනු ලබන වාහන සඳහා ගෙවිය යුතු නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්ද එකී කාණ්ඩ තුන සඳහා තීරුබදු සහන ලබාදීමෙන් පසුව ශ්රී ලංකා රේගුව විසින් තීරණය කරනු ඇත.

OUR SERVICES

  • Vehicle advertising
  • Japanese auction service
  • Vehicle customs clearing
  • Consultation
  • Import taxes
  • Gift permit guide

VEHICLES

  • Buy from Sri Lanka
  • Import from Japan
  • Government permit vehicles
  • Gift permit vehicles

BUY

  • Car
  • Van
  • Bike
  • JEEP/CAB/4WD
  • Truck
  • Bus
  • Other

FAQ

  • Vehicle buying
  • Vehicle Imports
  • Vehicle selling
  • Engine troubles
  • Electronic problems

CONTACT

  • Tel : +94 773 146 407
  • Viber : 773 146 407
  • Skype : carkade-help
  • email : info@carkade.com
BottomRegion